අර්බුදය අවසන්… රාජ්‍ය නැකැත් සීට්ටුව ජනපතිට… විකල්ප නැකැත් අහෝසියි…!

April 11, 2024 at 7:11 pm | by emanisa.lk

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද(11) ජනාධිපති කාර්යාලයේදි සිදු විය.

මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නැකැත් සීට්ටුවයි.

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වා තිබේ.

රාජ්‍ය නැකැත් කමිටුව විසින් යෝජිත නැකැත් සීට්ටුවට විරුද්ධව පිරිසක් නව නැකැත් ලබා දුන්න ද ඊට රාජ්‍ය පිළිගැනීමක් ලැබුණේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *