අලුත් ප්‍රභේදය අප්‍රේල් 08 හඳුනාගත් කතාව බොරුවක්….! මාර්තු වෙද්දී ආසාදිතයින් 100ට බැස්සුවේ LockDown කරල නෙමෙයි….! – හමුදාපති…

May 4, 2021 at 8:16 pm | by emanisa.lk

අප්‍රේල් 08 වෙනිදා වන විට නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන බලධාරීන් දැනුම්වත් කළ බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද ප්‍රභේදයේ යම් වෙනසක් සිදුව ඇති බව පමණක් දැනුම් දී තිබූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

නව ප්‍රභේදය නිශ්චිත ලෙස හඳුනා ගෙන ඇත්තේ පසුගිය සතියේ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තමා වෙත දැනුම් දුන් බවත් හෙතෙම අවධාරණය කරයි.

පළමු වතාවේ රට ලොක්ඩවුන් කළ ද ඒ අවස්ථාවේ ද රෝගීන් වාර්තා වූ බවත් පෙන්වා දෙන හමුදාපතිවරයා රට වසා දැමීම එක ම විකල්පය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ නොකරන බව පවසයි.

මාර්තු මාසය වන විට රෝගීන් සංඛ්‍යාව 100-150 දක්වා ගෙන ආවේ රට වසා දැමීමෙන් නොවන බවත් ශවේන්ද්‍ර සිල්වා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස