ඉන්දියානුවෝ කොවිඩ් මරුවාගෙන් බේරෙන්න රටින් පළා යති…! බෝට්ටුවලින් පැමිණ ලංකාවටත් රහසේම රිංගති…! ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලංකාවට පැතිරීමේ දැඩි අවධානමක්..!

May 2, 2021 at 12:25 pm | by emanisa.lk

ඉන්දියාවේ සිට ධිවර යාත්‍රාවක පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දියානු කාන්තාවක හා දරුවන් දෙදෙනකු සැඟව සිටි නිවසේ ම නිරෝධායනය කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ නිරෝධායනයට ලක් කර කර ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි කුප්පම් පදිංචි 34 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වසය අවුරුදු 13 හා 4 ක් වු දරුවන් දෙදෙනෙකි.

මෙම පිරිසට රැකවරණය දුන් හා එම කාන්තාව ත්‍රීරෝද රථයකින් රැගෙන ගිය හා තොරතුරු වසං කළ පවුල් 5 ක සාමාජීකයින් 26 දෙනකු ද ස්වයං නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් පවසයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ ඉන්දියාවේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය මෙතෙක් ලංකාවෙන් හමු නොවන බවයි. එහෙත් අනවසරයෙන් ඉන්දියානුවන් රටට පළා ඒම නිසා ශ්‍රී ලංකාවට එම ප්‍රභේදය ඇතුළු වීමේ බලවත් අවදානමක් ඇතැයි ඔහු අනතුරු අඟවයි.

එහෙයින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය මෙහෙයුම් දැඩි කළ යුතු බව අවධාරණය කරන උපුල් රෝහණ, ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව සහ වෙරළාශ්‍රිතව වෙසෙන ජනතාව ඉන්දියානුවන් යැයි සැක සිතෙන පිරිසක් හමු වුවහොත් වහා පොලිසියට දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස