අලුත් කොවිඩ් ප්‍රභේදය වේගයෙන් පැතිරෙනවා….! ජනතාව උපදෙස් පිළිනොපැදීම තත්ත්වය දරුණු කළා…! – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී…

April 28, 2021 at 7:43 pm | by emanisa.lk

කොවිඩ් සීග්‍රයෙන් ව්‍යාප්ත වන බවත් සිංහල අලුත් අවුරුද්දට පෙර ලබා දුන් සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම බවත් කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

පහුගිය දින කිහිපය තුළ රෝගීන්ගේ වැඩිවීමේ අවදානමක් නිරීක්ෂණය වන ඇති බව ද ඇය පවසන රාජ්‍ය ඇමැතිනිය එළඹෙන මැයි මාසය ඉතාම තීරණාත්මක බවත් නිවසටම වී සිටින්නැයිද ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා ය.

සංචරණය සීමා කරන්නැයි කියා තමන් යෝජනා කළත් සංචරණ සිමා පැනවීම මඟින් මතුවන ආර්ථික ගැටළු ඉතා බරපළ බවත් ඇය පැවසුවාය.

මේ තත්ත්වය පාලනය කර ගන්නේ කෙසේද යන ගැටලුව තමාට ඇති බව ඇය සඳහන් කළාය. රෝගීන් වැඩි දෙනෙකුට ඔක්සිජන් අවශ්‍ය බවත් ඒ නිසා ඔක්සිජන් ප්‍රමාණය වැඩි කර ගත යුතු බව ද අමාත්‍යවරිය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *