අරුන්දික අන්තිමට කෙහෙල් ගහට කොටයි…! වහා ම ඇමැති ධූරයෙන් පන්නා දමයි…!

February 2, 2022 at 6:06 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට අමාත්‍ය ධුරයෙන් ඉවත්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

අමාත්‍යංශයේ අරුන්දික ප්‍රනාන්දුට අයත් සියලු බඩු බාහිරාදිය අස් කරගෙන වහා ම අමාත්‍යංශ ගොඩනැගිල්ල භාර දෙන ලෙස එම නියෝගයේ වැඩි දුරටත් සඳහන් බව වාර්තා වේ.

අද අලුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට එල්ල වූ මැර ප්‍රහාරය අරුන්දික ප්‍රනාන්දුගේ අනුදැනුම මත සිදු වූ බවට තොරතුරු අනාවරණය වීමත් සමග ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන තිබේ.

වෛද්‍ය පීඨ සිසුන්ගේ ප‍්‍රති-ප‍්‍රහාර හමුවේ සිසුන්ට පහර දීමට පැමිණි මැර පිරිස එක් වාහනයක් අතහැර පලා ගොස් ඇති අතර එම වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බව හෙලි වී ඇත.

එමෙන්ම සිසුන් විසින් පහරදීමට පැමිණි මැරයකු අල්ලාගෙන ඇති අතර එම පුද්ගලයාගේ රාජකාරි හැඳුනුම්පතේ සඳහන්ව ඇත්තේ ඔහු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බව යැයි ද පැවසේ.

රටින් පළා ගොස් සිටි එතනෝල් ජාවාරම්කරුවෙකුට කටුනායක ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තය ඔස්සේ රටට පිවිසීමට අවස්ථාව ලබා දුන් බවට ද රාජ්‍ය ඇමැති අරුන්දිකට මෙයට පෙර චෝදනා එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *