ජනාධිපතිතුමා නීතියට අත දාන්නේ නෑ! පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවෙන බව අපට විශ්වාසයි! – අරුන්දික ප්‍රනාන්දු

October 4, 2020 at 11:43 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සම්බන්ධ විමර්ශනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු අතපෙවීමක් සිදු නොකරන බවත් එතුමා යටතේ එම ප්‍රහාරයේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරන බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසයි.

“අපි විශ්වාස කරනවා මේ රටේ නීතිය. අපි විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමාව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය දරන මේ ආණ්ඩුව තුළ දැවැන්ත විශ්වාසයක් නීතිය ගැන අපට තියෙනවා.

එතකොට මේ පරීක්ෂණවල අවසානය මොකද්ද කියන එක අපි තාම දන්නෙ නෑ. ඉතිං මේක අවසානයෙ දි හරි තොරතුරු එළියට එයි කියලා දැවැන්ත විශ්වාසයක් අපට තියෙනවා. මේ පරීක්ෂණ අවසානයෙ දි තමයි හරියට ම දැනගන්න පුළුවන් මේකට කවුද සම්බන්ධ, කවුද නැත්තෙ කියලා.

හැබැයි අපට තේරෙනවා නම් මොනවා හරි දෙයක් නිසා කවුරුහරි මේක වෙනත් ආකාරයකට මෙහෙයවනවා කියලා කතෝලික ඇමතිවරුන් හැටියට අපි ඊට එරෙහි වෙනවා. නමුත් අපට දැවැන්ත විශ්වාසයක් අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව තියෙනවා. අපි දන්නවා එතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳ මේ තාක් දුරට අපි දැක්කා. එතුමා නීතියට අත දාන්නෙ නෑ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන අය මේක හරියට කළ යුතුයි කියන එක ක්‍රිස්තියානි ඇමතිවරු හැටියට අපි කියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස