අරුන්දික-එරික් ගැටුම ආණ්ඩුව එකතු කරයි…! සියලු මන්ත්‍රීවරුන් අරුන්දික සමග එක්වෙති…!

April 6, 2021 at 1:44 pm | by emanisa.lk

ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිදු කළ කතාවකට මන්ත්‍රීවරුන්ගෙන් විශාල අත්පොලසන් නාදයක් ලැබී ඇති බව වාර්තා වේ.

අරුන්දික ප්‍රනාන්දු විසින් වෙන්නප්පුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී එරීක් පෙරේරා සමග සිදු වූ ගැටුම පිළිබඳවත්, එහි පසුබිම පිළිබඳවත් දීර්ඝ පැහැදිලි කිරීමක් මන්ත්‍රී කණ්ඩායම හමුවේ සිදුකර තිබේ.

එම ප්‍රකාශයෙන් අනතුරුව මෙම ගැටලුවේ දී ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් තමන් සමග එකට සිටීම සම්බන්ධයෙන් සියලුම දෙනාට ස්තූති කිරීමට ද  ඇමැතිවරයා කටයුතු කොට ඇත.

එහි දී සියලු ම මන්ත්‍රීවරුන් විසින් අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාට අත්පොලසන් දී ඇති බවද දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *