226 දෙනෙක් මිලියන 21ක ජනතාවගේ අනාගතය විනාශ කළා…! – සංගක්කාර…

April 12, 2022 at 9:40 am | by emanisa.lk

පුද්ගලයන් 226 දෙනකු මිලියන 21ක ජනතාවගේ අනාගතය විනාශ කර ඇතැයි මෙරට හිටපු ටෙස්ට් නායකයකු වන කුමාර සංගක්කාර පවසයි.

රට තුළ වත්මන් අරගලය ආරම්භ කර ඇත්තේ වඩාත් අවදියෙන් සිටින, වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක් බව ද හිටපු ටෙස්ට් නායකයා සඳහන් කර ඇත.

කුමාර සංගක්කාර මේ බව පවසා ඇත්තේ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතු වුණා සේම, යළිත් සමාජයට හෝ දේශපාලනයට ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් ඇතුළත් නොකර ගනීවි යැයි තමන් බලාපොරොත්තු වන බව ද සංගක්කාර සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *