09 වෙනිදා අරගලය තව ම ඉවර නෑ..! ආණ්ඩු පාක්ෂිකයින්ගේ ජීවිතත් අනතුරේ…! ආණ්ඩුව වහාම බලය අත්හරිනු..! – ලාල්කාන්ත…

June 17, 2022 at 10:21 am | by emanisa.lk

රටේ ජනතාව එකතු වී මැයි 06 වෙනිදා රට ම වසා දැමූ බවත් ඒ සඳහා ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකත්වයෙන් හැම නගරයක ම හර්තාල් කමිටු බිහි වූ බවත් කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මර්දනයට ලක් වූ ජනතාව නැවත පෙරළා පාලකයින් මර්දනය කළ ඉතිහාසගත වන දවස මැයි 09 වනදා බවයි, ලාල්කාන්ත පෙන්වා දෙන්නේ.

එම විශිෂ්ට දිනය ලංකා ඉතිහාසේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද සටහන් විය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ජනතාව සංවිධානය වී බලයක් ගොාඩනඟන විට ප්‍රතිගාමී බලවේග සියල්ල එකතු වන බවත් රනිල් වික්‍රමසිංහ එම ප්‍රතිවාදී බලවේග එකතු කිරීමේ වගකීම පැවරුණු අගමැතිවරයා බවත් ලාල්කාන්ත සඳහන් කරයි.

අරගලය තවම අවසන් නොමැති බව පවසන ලාල්කාන්ත වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ගෝඨාභය ඇතුළු පාලකයින් බලය අත්නොහැර තමන්ගේ ද තම අනුගාමිකයින්ගේ ද ජීවිත අනතුරේ දමා ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *