ජවිපෙ වසන්තට ගෝල්ෆේස් අරගල භූමියේ දී ප්‍රහාරයක්..!

July 13, 2022 at 7:06 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහට ගාලු මුවදොර අරගල භූමියේදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ප්‍රහාරයක් එල්ල වුව ද එහිදී ඔහුට හානියක් සිදුවී නොමැති බව ය.

ගාලු මුදොර අරගල භූමියේ පැවැති හමුවක් ආමන්ත්‍රණයක් කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් අතරතුර මෙලෙස ඔහුට පහර දී ඇත.

කෙසේ වුව ද වසන්ත සමරසිංහ මේ වන විට එම ස්ථානයේ පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *