සිය පක්ෂයේ තීරණය නොතකා අයවැය දෙවන වර කියවීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්රකාශ කළේ යැයි දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීි කවීන්ද්රන් කෝඩිස්වරන්ට එරෙහිව එම පක්ෂය විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එම පක්ෂයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර ජාතික ආරක්ෂාව සඳහා විශාල මුදලක් වෙන් කිරීම එම පක්ෂයේ විරෝධයට හේතු වී තිබේ.