අපේ මුහුදේ මාළු කොල්ලයට පැමිණි ඉන්දීය යාත්‍රා 500ක් පළවා හරී!

December 16, 2020 at 8:52 am | by emanisa.lk

මෙ රට මුහුදු සීමාව ආක්‍රමණය කිරීමට පැමිණි ඉන්දීය ධීවරයන් තුන්දහසක පමණ පිරිසක් රැගත් ට්‍රෝලර් යාත්‍රා නාවික හමුදාව මගින් උතුරු මුහුදේදී පලවා හැර තිබේ.

ට්‍රෝලර් යාත්‍රා පන්සීයකින් පමණ පැමිණි පිරිස එලෙස පලවා හැරියද හමුදා අණ නොතකා ​​ඩෙල්ෆ් හා තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශවලට ඇතුළු වී අනවසරයෙන් මසුන් මැරූ ධීවර යාත්‍රා 05ක පැමිණි ඉන්දීය ධීවරයන් තිස් හයක පිරිසක් පෙරේදා (14) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා අනාවරණය කළේ ය.

මෙම ට්‍රෝලර් යාත්‍රා ලොකු, කුඩා සියලු මත්ස්‍යයන් සූරාගෙන යෑම නිසා මත්ස්‍ය අස්වැන්නටද බලපෑමක් වන බව නාවික හමුදාව කියයි.

අත්අඩංගුවට පත් ධීවරයන් තමිල්නාඩුවේ රාමේෂ්වරම්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් දින දාහතරක් නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් ඉන් අනතුරුව නීතිමය පියවර ගන්නා බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස