අපේ ගැළවුම්කරුවා බැසිල්…! බැසිල් ඉන්න කල් අපි ඩොලර්වලට බය නෑ..! මොනවටවත් බය නෑ..! – ඇමැති එස්.එම්.

December 6, 2021 at 5:47 am | by emanisa.lk

මෙරට කෙතරම් ඩොලර් අර්බුදයක ගිලී තිබුණ ද අවශ්‍ය මොහොතට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා උවමනා කරන ඩොලර් ප්‍රමාණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්පාදනය කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

මෙරට සිටින්නේ ඉතා ම දක්‍ෂ මුදල් ඇමතිවරයෙක් බවත් කොරෝනා වසංගතය මොහොතේ බැසිල් රාජපක්ෂ නොහිටින්න මේ රට විශාල අමාරු වැටෙන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

“බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නකං අපි ඩොලර්වලට බය නෑ. මොනවටවත් බය නෑ” යනුවෙන්ද ඔහු කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *