අපේ ආණ්ඩුව සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නේ නෑ…! විපක්ෂය හැමදාම කළේ අනුන්ගේ ඇඳුම් අඳින එක…! – මධුර විතානගේ…

September 11, 2021 at 11:06 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සහ වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් සුද්දන්ගේ යට ඇඳුම් නොඅඳින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අවධාරණය කරයි.

“අපේ නායකයො අපේ ආණ්ඩුව සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ. මොකද අපි දේශීය චින්තනයක් එක්ක, දේශීය ආර්ථිකයක් හදන දැක්මක් තියෙන රටක්.

එතකොට විපක්ෂය කවදත් කළේ චීත්ත අඳින එකයි, අනුන්ගෙ යට ඇඳුම් අඳින එකයි විතරයි. අපට මේ ප්‍රකාශවලින් පේනවා ඒක. විදේශයෙන් එන ඕනෙම කුණු ගොඩක් බාරගන්න, වැළඳගන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද පහුගිය දවස්වල ඕගොල්ලො අපි දැක්කානෙ කුණු කන්ටේනර් ගෙනාවා”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *