අපේ ආණ්ඩුව විකුන්න හැටියට විදුලි වෘත්තීය සමිති සටනට රෙදි ඇඳගෙන සහාය දෙන්න බෑ…! – අකිල විරාජ්..

November 1, 2021 at 7:33 am | by emanisa.lk

ජාතික සේවක සංගමයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් වූ බව පසුගියදා සජිත් ප්‍රේමදාස විසින් සමගි ජනබලවේගයේ වෘත්තීය සමිති නායකත්වයට පත්කළ ආනන්ද පාලිත පවසයි.

ඊයේ (31) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.

දේශිය සම්පත් විකිණීමේ ක්‍රියාවලිය හමුවේ ජාතික සේවක සංගමයේ නිහඩතාව තව දුරටත් තමන්ට පිළිගත නොහැකි වීම මෙම ඉවත් වීමට හේතු වූ බව ඔහු කියාසිටියේය.

”දැන් ජාතික සේවක සංගමයේ කිසිදු තනතුරක නැහැ. එයින් ඉවත් වුණා. ඇයි ඉවත් වුණේ. මෙම මාසයේ 26 වැනිදා ජාතික සේවක සංගම් මූලස්ථානයේ ජාතික සේවක සංගමයේ සභාපති අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ කමිටු ප්‍රධාන නිලධාරීන් ඉදිරියේ මම පැහැදිලි ප්‍රශ්නයක් කරා තෙල්, විදුලිය, වරාය වෘත්තීය සමිති සහ සමස්ත සේවකයන් එම ආයතනය කුණු කොල්ලයට වර්තමාන ආණ්ඩුව දුන්න ප්‍රතිපත්තිවලට පටහැනිව විදේශීය රාජ්‍යයන්ට විකිණීමට එරෙහිව එම ආයතන සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලියට සහයෝගයක් නොදෙන නිසා ඒ පිළිබඳව සහයෝගය ලබාගැනීම සඳහා ඉදිරිපත්වෙන්න කියල.

එතුමා ඉතා පැහැදිලිව කිව්වා ආනන්ද මහත්තයා අපේ කාලේ විකුණපු ආයතන, අපේ මතය දන්නවනේ. ඕකට සහය දෙන්න අපිට බැහැ. ඒක ආණ්ඩුව බේරගන්න ඕනේ. ඒක හින්දා නිහඬව ඉන්න. ආපහු දේශද්‍රෝහී වෙන්න බැහැ කියල. න්‍යායක් තියෙන වෘත්තීය සමිතියකට පක්ෂයකට කඩේ යන්න වැඩබිම මෙහෙයවන්න බැහැ. අන්න ඒ නිසා අපි නම්බුකාර විදිහට ගෞරවාන්විතව ඉවත් වුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස