අපේ ආණ්ඩුවෙන් වන අලි රක්ෂිතය ගැසට් කරන්න බැරි වුණා….! නමුත් විපක්ෂයේ සිට උපරිම අරගලයක් කරන්න අපි සූදානම්…! – සජිත්….

January 26, 2021 at 8:11 pm | by emanisa.lk

තම ආණ්ඩුව යටතේ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර ගැනීමට තමන්ට නොහැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඊට හේතුව මහවැලි අමාත්‍යංශය සිය පාර්ශ්වය සතු නොවීම බව ද සජිත් ප්‍රේමදාස හෙළි කළේ ය.

ඊළඟ පාර්ලිමේන්තු දිනයේ වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් දියත් කරන බව ද ඔහු අවධාරණය කළේ ය.

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නැයි ඉල්ලා ගොවීන් සත්‍යග්‍රහය සිදුකරන ස්ථානයට ඊයේ (25) ගිය විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස