අපි විස පොල්තෙල් ගෙනාවේ නෑ….! අපි වගකීමෙන් වැඩ කරන සමාගමක්….! බොරු ප්‍රචාරකයින්ට නඩු පවරනවා…! විල්මාර් සමාගමෙන් නිවේදනයක්…

April 3, 2021 at 6:02 pm | by emanisa.lk

තම සමාගම යටතේ ආනයනය කරනු ලබන සියලු ආහාරමය තෙල් වර්ග ඇතුළු සියලු ආහාරපාන ඉතා ම දැඩි තත්ත්ව පරික්ෂාවක් යටතේ රටට ගෙන එන බවත් රටට ගෙන ආ පසු ද තත්ත්ව පරික්ෂාවට ලක් කරන බවත් පිරමිඩ් විල්මා සමාගම පවසයි.

එම පරික්ෂා කිරීම්වල දී ඇෆ්ලොටොක්සීන් ප්‍රමාණය ද පරික්ෂා කරන බව පෙන්වා දෙන විල්මා සමාගම සිය නිෂ්පාදනවල ප්‍රමිතිය බොහෝ ප්‍රමිති ආයතන මගින් තහවුරු කර ඇති බවත් සඳහන් කරයි.

සිය නිෂ්පාදන කෙරෙහි ඍණාත්මක බලපෑමක් කිරීමේ අරමුණින් ගෙන යන ද්වේෂ සහගත ප්‍රචාරවලට එරෙහිව තම සමාගම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස