ගෝඨාභය ජනාධිපතිතුමා තමයි රට සහලින් ස්වයංපෝෂිත කළේ…! – ජෝන්…

November 16, 2021 at 9:39 am | by emanisa.lk

යහපාලනාණ්ඩුව සමයේ රට සහලින් ස්වයංපෝෂිත වූ බවට සමගි ජන බලවේග මන්ත්‍රී ජේ.සී. අලවතුවල බොරු කියන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න පවසයි.

රට සහලින් ස්වයංපෝෂිත වූයේ 2005-2010 මහින්ද රාජපක්ෂ පාලනය තුළ බවත් යහපාලනාණ්ඩුව 2016 සිට 2019 දක්වා ම සහල් ආනයනය කළ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ පොහොර නොමිලේ ලබා දෙමින් කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීමට කටයුතු කළ ද හෙතෙම පෙන්වා දෙයි.

ජනතාව පුරන් කුඹුරු අස්වද්දමින් නැවත වගාවට යොමු වී රට නැවත සහලින් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කළ බවත් ජෝන් සෙනෙවිරත්න අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස