කාබනික පොහොරින් රට ස්වයංපෝෂිත කරන සැලසුමක්..! සෑම නිවසකින් ම රජයට කසළ කිලෝ 25ක් දිය යුතු බවට නීතියක්…..!

June 5, 2021 at 6:52 pm | by emanisa.lk

රටේ සෑම නිවසක් ම වසරකට රජයට කසළ කිලෝ 25ක් ලබා දිය යුතු බවට නීතියක් පැනවිය යුතු බව නීතීඥ ලක්සිරි උණවටුන ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබේ. එම ලිපිය පහත දැක්වෙයි.

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
[email protected]

සෑම ගෘහමූලිකයෙක්ම වසරකට කාබනික අපද්‍රව්‍ය අවම කිලෝ 25ක් රජයට ලබා දිය යුතු බවට නීතියක් පනවා රටේ කාබනික පොහොර නිෂපාදනය වැඩි කරන ලෙස ඉල්ලා සිටීම.

රසායනික පොහොර ආනයනය නතර කිරීමට ඔබතුමා ගත් ක්‍රියා මාර්ගය අගය කරන අතර ඒ මගින් ඇති වන පොහොර හිඟය වළක්වා කාබනික පොහොර අතිරික්තයක් ඇති කර ගැනීම සඳහා මෙම ඉල්ලීම කරමි.

සෑම ගෘහමූලිකයෙක්ම වසරකට කාබනික අපද්‍රව්‍ය කිලෝ 25ක් රජයට ලබා දිය යුතු බවට නීතියක් පැනවීම මගින් ගෙවත්තේ සහ නිවාසවල එකතුවන කාබනික ද්‍රව්‍ය රජයේ ආයතන/ ප්‍රාදේශීය සභා/නගර සභා මාර්ගයෙන් කාබනික පොහොර බවට පත් කිරීම පහසුවෙන් කළ හැකිය.

මේ සඳහා අවධානය යොමු කර අදාළ නීති පැනවීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිමි.

මෙයට,
විශ්වාසී,
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *