අපි භාරදුන් සරුසාර ආර්ථිකය ගෝඨා විනාශ කළා! සජිත්ගේ ආණ්ඩුව යටතේ ආර්ථිකය යළි හදනවා! – කිරිඇල්ල

June 24, 2020 at 7:26 am | by emanisa.lk

නව රජය පත් වූ විගස සිදුකළ එකම කාර්්‍යය හිතවත් ව්‍යපාරිකයන්ට බදුසහන ලබාදීම පමණක් යැයි සමගි ජන බලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රජය එසේ කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලගණන් අධික ලෙස ඉහළ දමා ජනතාව පීඩාවට පත්කොට ඇති බවය .

රජය භාරදෙන විට කිසිදු මූල්‍ය අර්බුදයක් නොතිබුණ බවත් මොවුන් බලයට පැමිණි විගස හිතවත් ව්‍යාපාරිකයන්ට ලබාදුන් බදු සහන නිසා රජයට ලැබියයුතු ආදායම් අහිමි වී ගිය බවද හිටපු මන්ති‍්‍රවරයා මෙහිදි ප‍්‍රකාශ කළේය.

මෙවැනි අදූරදර්ශි කි‍්‍රයාකරමින් නිලධාරින්ට බැනවැදීම විහිළු සහගත කි‍්‍රයාවක් බවද කිරිඇල්ල පැවසීය.

සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ සිදුකරන පළමු කාර්යය වන්නේ ජනතාවගේ ජීවන බර අඩුකොට සහන සැලසීම බවත් 2015 යහපාලන රජයේ සිදුකළා සේම අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිල පාලනයක් යටතේ ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස