ලංකාවේ මුලින්ම කොරෝනා හැදුණේ මටයි! නමුත් ගෙදර අයයි ගමේ අයයි හැමෝම බේරුවා! මගේ ගම LockDown කරන තැනට මම වැඩ කළෙත් නෑ! – මත්තේගොඩ ජයන්ත රණසිංහ (vedio)

April 4, 2020 at 12:42 pm | by emanisa.lk

ලංකාවේ කොරෝනා වැළඳුණු ප්‍රථම පුද්ගලයා වන තමන්ට සිය පවුල ද ගම ද ආරක්ෂා කර ගැනීමට හැකි වූ බව මත්තේගොඩ ජයන්ත රණසිංහ පවසයි.

ඒ සඳහා හේතු වූයේ තමා වෛද්‍ය උපදෙස් අනුව නිසි වෙලාවට නිසි ආකාරයට කටයුතු කළ නිසා බව ද හෙතෙම පෙන්වා දෙයි.

දිනකට පැය භාගයක් ව්‍යායාම කරන දුම්පානය නොකරන දේශීය කෑම ආහාරයට ගන්නා තමන්ගේ ජීවන ක්‍රමය කොරෝනා රෝගය සුව වීමට හේතු වූයේ යැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම පවසයි.

වෛද්‍යවරුන්ගේ කොරෝනා රෝගය 100%ක් සුව වූ ජයන්ත රණසිංහගේ රුධිර ප්ලාස්මා සෙසු රෝගීන් සුව කිරීමට ද ඔහු ලබා දී තිබේ.

තමා රෝගාතුරු වී රෝහලට පැමිණෙන විට ප්‍රතිකාර කිරීමට උවමනා සියල්ල සූදානම් කර තිබූ ජනපති අගමැති සෞඛ්‍ය ඇමති රෝහල් කාර්ය මණ්ඩලය හමුදාපති ඇතුළු සියලු දෙනා තමන්ගේ ජීවිතය බේරා ගැනීමට උපකාර කළ බව ද හෙතෙම කෘතවේදීව සිහිපත් කළේය.

ලංකාවේ වෛද්‍ය කාර්ය මණ්ඩල අවතක්සේරු නොකරන ලෙසත් ඔවුන්ගේ විශිෂ්ට සේවාව පිළිබඳ කිසිදු සැකයක් ඇති කර නොගෙන රෝග ලක්ෂණ පහළ වුවහොත් වහාම ඒ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කර රෝහල්ගත වන ලෙස ද ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

ඔහුගේ සම්පූර්ණ කතාව මෙන්න…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස