අපි කලින් කිව්වේ ඇත්තම නෙමෙයි! ඉවත් කරන්නේ දෙමාපියන්ගේ විවාහකද යන්න විතරයි! ළමයාගේ වගේම දෙමාපියන්ගේ ජාතිකත්වයත් එකතු කරනවා! – රෙජිස්ට්‍රාර් ජනරාල්

July 23, 2020 at 3:03 pm | by emanisa.lk

අලුතින් හඳුන්වා දෙන ජාතික උප්පැන්න සහතිකයේ ළමයාගේ ජාතිය යන කොටස ඉවත් නොකරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ පවසයි.

අලුත් උප්පැන්න සහතිකයට ද ළමයාගේ ජාතිකත්වයට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වය ද අලුතින් එකතු කරන බව ඔහු සඳහන් කරයි.

කෙසේ වුවද දරුවන් කෙරෙහි අගතිගාමී වන දෙමාපියන් විවාහක ද යන කොටස උප්පැන්න සහතිකයෙන් ඉවත් කරන බව ද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස