නව උප්පැන්නයේ මව-පියාගේ විවාහක අවිවාහක බව හැලෙයි! ජන වර්ගය වෙනුවට ශ්‍රී ලාංකික නාමය එයි!

July 22, 2020 at 12:36 pm | by emanisa.lk

උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ සඳහන් කළේ, මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවය.

මීට අමතරව මෙරට සියලු පුරවැසියන්ට නව උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලාංකික ලෙස බව ද රෙජිස්ටාර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නව ඩිජිටල් උප්පැන්න සහතිකය ඉදිරි මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද රෙජිස්ටාර් ජනරාල් එන්. සී විතානගේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස