උප්පැන්නයෙන් ජාතිය සහ ආගම ඉවත් කිරීමට සමාජමාධ්‍යවල දැඩි විරෝධය!

July 23, 2020 at 12:05 am | by emanisa.lk

අලුතින් නිකුත් කරන උප්පැන්න සහතිකවල ජන වර්ගය සහ ආගම ඉවත් කිරීමේ තීන්දුවට සමාජමාධ්‍යවල දැඩි විරෝධයක් මතුව තිබේ.

2019 මාර්තු මාසයේ යහපාලන ආණ්ඩුව විසින් මෙම තීන්දුව ගත් අතර ඒ අවස්ථාවේ එම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි විය.

කෙසේ වුවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව තීරණයක් ලෙස මෙම යෝජනාව නැවත බලාත්මක කරන බවට අද යෝජනාවක් ගෙන ආ අතර ඒ පිළිබඳ සමාජමාධයවල දැඩි විරෝධයක් මතුව තිබේ.

කෙසේ වුවද මහේල ජයවර්ධන වැනි පිරිසක් එය විශාල ජයග්‍රහණයක් ලෙස වර්ණනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *