අපට ආණ්ඩු බලය ලැබුණත් රට හදන්න බෑ…! ප්‍රේමදාස පියාණන්ගේ නම මතක් කරන්නවත් එපා…! – ෆීල්ඩ් මාර්ෂල්…

January 30, 2022 at 3:24 pm | by emanisa.lk

වත්මන් තත්ත්වය යටතේ තම පක්ෂයට ආණ්ඩු බලයක් ලැබුණත් රට දියුණු කළ නොහැකි බවත් ඒ සඳහා වෙනස්කම් කිහිපයක් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

“අපි ආණ්ඩු ගත්තා කියලා මේ රට දියුණු වෙන්නේ නෑ. අනිත් පැත්තෙත් ආර්ථික විශේෂඥයෝ ඉන්නවා නේ. අපෙත් ඉන්නවා ඉතා විශිෂ්ට කට්ටිය. එතකොට දෙපැත්තේම ඉඳළත් මේ රට හැදෙන්නේ නෑ. හැදෙන්නේ නැත්තේ ඇයි? දූෂණය සහ අවභාවිතාව. වගකීමක් නෑ. ඒ හින්දා මොන ආර්ථික විශේෂඥයා ආවත් ඒ ගොල්ලෝ බැලනස් කරලා අරම මෙහෙම කියයි.

රටේ නිෂ්පාදනය නැත්නම් එක පැත්තකින් රට උඩ යන්නේ නෑ. අනිත් පැත්තෙන් දූෂණය. අපේ පක්ෂය වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් අරගෙන මේ ලයින් එකේ වැඩ කරන්න ඕනේ. නායකතුමා මෙතන හිටියා නම් මේ පණිවුඩය මෙහෙම්ම ම කියනවා මං.

එතුමට මම බදුල්ලේ දී කිව්වා. ඔබතුමා මීට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමවත් කියන්න එපා කියලා. මොකද ඒවාගෙන් දැන් අපිට වැඩක් නෑ. අපි අනිවාර්යයෙන්ම අපේ ගමනක් හදාගන්න ඕනේ. අපේ නායකයෝ හැදෙන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස