අපටත් ආණ්ඩුව එක්ක ප්‍රශ්න තියෙනවා..! නමුත් මූණත් එක්ක තරහ වෙල නාහේ කපා ගතයුුතු නෑ..! ආණ්ඩු විරෝධය නිසා රට කොවිඩ් මාරයට බිලිදෙන්න එපා..! – විමල්..

November 17, 2021 at 1:31 pm | by emanisa.lk

ආණ්ඩුව සමඟ ගැටුම් තිබුණ ද ආණ්ඩුවේ අපාය සහයක මිතුරන් නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (17) පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසුවේය.

කුමන ගැටුම් තිබුණ ද නැවත කොවිඩ් 19 ව්‍යාප්තියට ඉඩ නොදී සෞඛ්‍ය සම්පන්නව රට පවත්වා ගෙන යාමට සහය දිය යුතු බව එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

”පවතින ආණ්ඩුවත් සමඟ තමුන්නාන්සේලාට ගැටුම් ඇති. අපටත් තියෙන්න පුළුවන්. ඒ මොනවා තිබුණත් මේ රට සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව මේ රටේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න උදව් වෙන එක අපි කාගේත් වගකීම.

ඒක නොකර අපි මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගත යුතු නැහැ. ආණ්ඩුවක් එක්ක තිබෙන ප්‍රතිවිරෝධයට මුළුමහත් සමාජයම නැවත කෝවිඩ් 19 පිරිලා ඉතිරිලා යන ඉරණමකට ඇද වැටිය යුතු නැහැ. අපි මේ ආණ්ඩුවේ අපාය සහයක මිත්‍රයෝ නෙවෙයි. අපාය සහායක ඥාතියෝ නෙවෙයි.

අපිට ඕනේ ආණ්ඩුව නිසි මගට ගෙනයන්න රටට ජනතාවට හිතකරව ගෙනයන්න මිසක් ආණ්ඩුවෙන් ලැබුණු ජනවරමට පටහැනිව වෙන දෙයක් බලාගෙන ඉන්න නෙවෙයි. ඒ නිසයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි අද සෞඛ්‍යමය පැත්තෙන් එල්ල වෙලා තියෙන අභියෝගය පිළිඅරගෙන ඒ වගේම ආර්ථිකයේ තියෙන අභියෝගය, විවෘත වෙළෙඳපොළ ආර්ථිකයේ අවපාත අවදියේ කෙළවරට ආපු රටක්.
මෙතැනදී අපට සෙල්ලම් කරන්න බැහැ. තමුන්නාසේලා ආවත් මේ යථාර්තයට මුහුණ දෙන්න වෙනවා. මුල් කාලේ දේශපාලනයෙන් මේ අභියෝගය ජයගන්න බැහැ. මේකට වෙනස් විදිහට හිතන්න ඕනේ. මේකට වෙනස් විදිහකට ප්‍රවේශ වෙන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *