අනුර දිසානායක රටට කළ බරපතළ අපරාධ ගැන ජනතාවට අවබෝධයක් නෑ..! -; නාගානන්ද..

October 24, 2021 at 11:31 am | by emanisa.lk

පොහොට්ටුව රටම ලොව හමුවේ දනගස්වමින්, රටේ ආර්ථික වර්ධනයක් නැතිව දිනපතා රුපියල් බිලියන ගණනින් මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය කරමින් සිදු කරන බරපතළ අපරාධ පිලිබඳව දැනුවත්ය. ඝෝඨාභයගේ 20 සම්මත කර අධිකරණය දන ගස්වා නීතියේ ආධිපත්‍ය රටට අහිමිකර රටේ පොදු සම්පත් නිදහසේ මංකොල්ල කමින් සුදු කරන බරපතළ වංචා හා දුෂණ පිළිබඳව දැනුවත්ය.

එසේම සිංගප්පුර් ජාතිකයකු වූ මහේන්ද්‍රන් ගෙනවිත් මහා බැංකුව බිඳ බිලියන ගණනක් මුදල් වංචා කර පසුව ඔහුට නිරුපද්‍රිත්වය ආපසු සිංගප්පුරුවට පැනයාමට අවසර ලබාදුන්, මහින්ද රෙජීමයට දඬුවම් ලබාදීමට බලය ගෙන පසුව ඔවුන් ආරක්ෂා කරමින් රටම අනාථ කළ රනිල් වික්‍රමසිංහ ගැන දැනුවත්ය.

නමුත් අවශ්‍ය තැනදී, එනම් ඇමරිකානුවකු වූ ඝෝඨාභය නීති විරෝධීව නාමයෝජනා දෙන අවස්ථාවේ දේශප්‍රියගේ පුටුව යට සැඟවුන, එසේම බැසිල් රාජපක්ෂ සහ එකම මැතිවරණ කොට්ඨාශයක් හෝ දිනාගැනීමට අසමත්වූ රනිල් වික්‍රමසිංහ නීතිවිරෝධීව පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් රිංගන විට කථානායකගේ පුටුව යට සැඟවුන දැන් බොරුවට සද්දේ පමණක් ඇති කිසිම ප්‍රතිඵලයක් නැති අනුර කුමාර විසින් සිදුකර ඇත බරපතළ අපරාධ ගැන කිසිම වැටහීමක් මේ රටේ ජනතාවට නැත.

225 අනෙක් අය ප්‍රසිද්ධියේ හොරකමේ යනවිට එයම හොරෙන් කරන අනුර කුමාර ගැන රටේ ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් ඕනෑම අයකුට එරෙහිව මහජන අයිතිය බලගන්වන ක්‍රියාකාරී නීතිඥයකු වන නාගානන්දට ඇත.

මේ සමග පලවන්නේ රනිල්ගේ හොඳම ගෝලයකු ලෙස පෙනී සිටිමින් 2017 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබු පළාත් සභා චන්දය ජනමතය විමසීමකින් තොරව නීති විරෝධීව කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරන ලද තින්දුව කාණුවට දමා රටේ ජනතාවට බරපතළ වංචාවක් කල, පසුව එම වංචාව සිදු කිරීමට සහාය ලබාදුන් එවකට නීතිපතිව සිටි ජයන්ත ජයසුරිය අග විනිසුරු කිරීමට අත එසවූ අනුර කුමාරට එරෙහිව දුෂණ අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස දුෂණ කොමිසම වෙත කරන 2017 දෙසැම්බර් මස 02 වන දින ඉදිරිපත් කරන ලද චෝදනාවයි. අනුර කුමාර නාගානන්ද අමතා කථාකරමින් එම වංචාව සම්බන්ධව ජනතාවට අනාවරණය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා අමතන ලද දිනය වෙලාව ඇතුලත් සියලු තොරතුරු එයි ඇතුලත්ය. නිදහස් පුරවැසියකු වශයෙන් එම කොටස කියවන්න. කිසිම හේතුවකට කිසිම පුද්ගලයකු සරණ යාමෙන් වලකින ලෙස නාගානන්ද ඔබට කියන්නේ කුමන හේතුවක් මතද යන වග ඔබ එවිට තේරුම් ගනු ඇත. මෙහි ඇති බරපතළම ඛේදවාචකය නොයෙකුත් පක්ෂ පසුපස වහලුන් මෙන් ලුහුබැඳ යන පුරවැසියා සෑම විටම ජනතාවගේ අයිතිය වංචා කරන ඕනෑම අයකුට එරෙහිව නීතිය බලගන්වන සමාජ ක්‍රියාකාරී නීතිඥයකු පමණක් වන නාගානන්දව තේරුම් ගැනීමට අසමත් වීමය. ඒ සම්බන්ධව කණගාටුව පළකිරීම හැර වෙනත් යමක් ඔහුට කල නොහැක.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස