අනුර ජවිපෙ විනාශ කළා ඇති! ලාල්කාන්තට නායකත්වය දෙන්න! – ප්‍රකට නිළි අනෝමා ජනාදරී අනුර එළවන සටන අරඹයි….

August 10, 2020 at 12:17 am | by emanisa.lk

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක වහාම සිය පක්ෂ නායකත්වය එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තට ලබා දිය යුතු බව එම පක්ෂයේ කලාකාරිනියක වන ප්‍රකට නිලි අනෝමා ජනාදරී පවසයි.

ඇය ෆේස්බුක් සටහනක් තබමින් මේ බව පවසා තිබේ. බිම් මට්ටමේ ජනතාවට තේරෙන බසින් කතා කළ හැකි ලාල්කාන්තට නායකත්වය ලබා දිය යුතු බව ඈ එහිදී අවධාරණය කර තිබේ.

සෝමවංශ අමරසිංහට පසු ජවිපෙ නායකත්වය ලාල්කාන්තට හිමි විය යුතුව පැවති බව බොහෝ දෙනාගේ අදහසය. ජවිපෙ අලි වලිගයේ ගැට ගැසුවේ අනුර දිසානායක බවට සෝමවංශ අමරසිංහ පසු කලෙක චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *