අනුරාධපුරයේ යාචකයෙකුට කොරෝනා! නගරයේ යාචකයන් 81ක් වහා ම නිරෝධායනයට!

November 9, 2020 at 12:00 pm | by emanisa.lk

අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරිසරන ලද යාචකයන් 81 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට අද (08) දින පියවර ගත් බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ පවසයි.

අනුරාධපුර පුජා නගරයේ සිංහ කුලුන ආසන්නයේ රැඳි සිටි යාචකයෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සෙෘඛ්‍ය අංශ, පොලිසිය, යුධ හමුදාව සහ නගර සභාව එක්ව නගරයේ යාචකයන් සියලු දෙනා නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන තිබේ.

මෙම යාචකයන් සියලු දෙනා රඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පරසන්ගස්වැව, කාටුපුලියන්කුලම පාසලේ රඳවා දින 14 කාලයක් නිරෝධායනය කිරිමට පියවර ගන්නා බව අනුරාධපුර නගර සභාවේ ප්‍රධාන මහජන සෙෘඛ්‍ය පරික්ෂක බණ්ඩාර සඳහන් කළේ ය.

මෙම යාචකයන් දින 14 ක් නිරෝධායනය කිරීමෙන් පසුව ඔවුන් පිසිආර් පරික්ෂණයකට ද ලක්කිරිමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස