එක රටක් එක නීතියක් දෙසට තවත් පියවරක්…! පොදු ස්ථානවල බුර්කාව ඇතුළු මුහුණු ආවරණ තහනම්…! තීන්දුව ස්ථිර කරමින් කැබිනට් අනුමැතිය ලැබෙයි…!

April 27, 2021 at 5:12 pm | by emanisa.lk

පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීම පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම දුෂ්කර වන නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය. ලොව වෙනත් රටවල ද මෙවැනි පියවර ගෙන තිබෙන බව ඇමතිවරයා අවධාරණය කළේ ය.

ඒ සඳහා කෙටුම්පතක් සකස් කිරීමට අදාළ අංශවලට උපදෙස් ලබාදීමට ද මෙහිදී අනුමැතිය හිමිවූ බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අනාවරණය කරයි.

මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද (27) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *