ඊබ්‍රාහිම් සහෝදරයා ගැන මගෙන් ප්‍රශ්න කරන්නේ පළිගන්න….! ඒ ගැන කොමිසමක්වත් මගෙන් ඇහුවේ නෑ….! – අනුර…

March 21, 2021 at 7:21 am | by emanisa.lk

ඇමැති සරත් වීරසේකරගේ ජීව උණ්ඩවලට තමන් බිය නොවන බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

“සරත් වීරසේකර හෝ ආණ්ඩුවේ කිසිවෙක් කොමිෂන් සභාව හමුවට ගිහිල්ලා, මෙවැනි සබඳතාවක් තිබෙනවා ඒ නිසා මාව කොමිසම හමුවට කැඳවිය යුතුයි කියලාවත් ප්‍රකාශයක් කර නැතුව තිබිය දී හදිසියේ සරත් වීරසේකරට මාව මතක් වෙන්නෙ ඇයි? රටේ කුමක් හෝ ප්‍රශ්නයක් ආවාම ඒ ප්‍රශ්නය යටගැහීම සඳහා ඔහු සැලසුම් සහගතව මේ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා.

ඔහු ප්‍රකාශයක් කළා පළාත් සභා අහෝසි කරනවා කියලා. හැබැයි දැන් ආණ්ඩුව පළාත් සභා ඡන්දය තියන්න තීන්දු කරනවා. එතකොට සරත් වීරසේකරගේ ප්‍රකාශය පුස්වෙඩිල්ලක්. පාතාලයේ සියලු නායකයින්ට ඔහු අණ කරා සියලු අවි ආයුධ ගෙනල්ලා බාරදෙන්න කියලා. හැබැයි කවුරුත් බාරදුන්නෙ නෑ. ඔහු කිව්වා අපේ රටේ තරුණයින්ට අනිවාර්යයෙන් හමුදා පුහුණුවක් දෙනවා කියලා අවුරුදු දෙකක. ආණ්ඩුව කියනවා එහෙම තීන්දුවක් අරගෙන නෑ කියලා. ඔහු කිව්වා බුර්කාව තහනම් කරන්න කැබිනට් පත්‍රිකාවක් අත්සන් කළා කියලා. මේ බොළඳ අපරිණත ප්‍රකාශ ඔහු කරමින් ඉන්නවා. හැබැයි ඒවා බරපතළයි.

ඔහු මට තර්ජනය කරනවා පුස්වෙඩිලිද ජීව උණ්ඩද කියලා පෙන්නන්නම් කියලා. මම ඔහුට කියන්නෙ ඔය ජීව උණ්ඩ ගොඩක් අපෙ කන් ගාවින් වුණත් ගිහින් තියෙනවා. ඒනිසා ජීව උණ්ඩ පෙන්නලා බය කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි අපි.”

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ (19) කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස