ශ්‍රී ලංකාවේ බර්කාව තහනම්…! රට පුරා මද්‍රාසා 1000ක් වසා දමයි…!

March 13, 2021 at 12:54 pm | by emanisa.lk

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට තමන් ඊයේ දිනයේදී අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කරයි.

ආගමික අන්තවාදීන් පිරිසක් විසින් පසුගිය සමයේ දී මෙම බුර්කාව පැළඳිය යුතු බවට වන සම්ප්‍රදාය ගෙනා බවත් මිට පෙර මුස්ලිම් කාන්තාවන් එවැනි බුර්කා පැළදීමක් සිදුනොකළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එමෙන් ම රට තුළ ලියාපදිංචි නොවූ මද්‍රසා පාසැල් දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවත් ඒවා නිසි නියාමනයක් නොවීම නිසා ඉදිරියේ දී වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියා.

රටේ සෑම වයස අවුරුදු 5-16 ත් අතර දරුවෙකු ජාතික අධ්‍යපාන ක්‍රමයට අනුව අධ්‍යාපනය ලැබීය යුතු බව ද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *