බුර්කා තහනමින් ෆුල් ෆේස් හෙල්මට් භාවිතයට බාධාවක් නෑ….!

March 16, 2021 at 11:55 am | by emanisa.lk

බුර්කාව තහනම් කෙරෙන නව නීතිය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන් යැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන ආකාරයට සම්පූර්ණයෙන්ම මුහුණු වැසෙන ඇඳුම් හෝ වෙනත් ද්‍රව්‍ය ප්‍රසිද්ධ ස්ථානවල පැළඳීම මේ අනුව තහනම් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් නව නීතියෙන් ආරක්ෂිත මුහුණු ආවරණවලට (Full Face Helmet) බාධාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අනන්‍යතාව තහවුරු කරගත හැකි නොවන ආකාරයට මුහුණු සම්පූර්ණයෙන්ම වැසෙන ආකාරයේ ඇඳුම් හෝ වෙනත් ද්‍රව්‍ය පැළඳීම තහනම් කළ යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු සෙවූ ජනාධිපති කොමිෂන් සභාවද රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *