බුර්කාව තහනම් කරන්න හදිසියක් නෑ..! හොයල බලල හෙමින් කරනවා…! – කැබිනට් ප්‍රකාශක..

March 16, 2021 at 4:58 pm | by emanisa.lk

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගනු ලබන්නේ විධිමත් අධ්‍යයනයකින් පසුව බවය.

“බුර්කාව සම්බන්ධ ප්‍රශ්නයේදී දීර්ඝව සාකච්ඡා කළා. විශේෂයෙන් පාස්කු ඉරිදා ඇතිවූ සිදුවීමත් පසුගිය වසර 10 හෝ 15 තුළ සංස්කෘතිකව ඇතිවෙලා තියෙන වෙසන්කම් සම්බන්ධවත් සාකච්ඡා කළා. අවුරුදු ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් හැටියට පිළිගැනීම, ඒ තිබ්බ සහජීවනය ගැන කිසිම ගැටලුවක් තිබ්බේ නෑ. මෑත කාලයේදී සංස්කෘතික අංග වෙනස් වෙමින් පවතින්න ගත්තා. එය කළ යුත්තේ කොයි ආකාරයෙන් ද, හදිසි නොවී කළ යුතුයි කියන මතයට අපි ඇවිත් තියෙන්නෙ.”

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් මෙරට තුළ බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පසුගියදා සඳහන්කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස