අධිවේගය කිසිවෙකුට නොමිලේ බෑ! ජනපතිත් අධිවෙිගයට මුදල් ගෙවයි!

February 23, 2020 at 11:27 pm | by emanisa.lk

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට කොටස අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මේ අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

ජනාධිපතිවරයා අධිවේගී මාර්ගයෙන් පිටවන අවස්ථාවේ ටිකට්පතක් ලබා ගෙන නියමිත ගාස්තුව ගෙවීමට කටයුතු කළේය.

ජනපති අගමැති අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් බවට පසුගිය සමයේ පැතිර වූ ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නොමැති බව ඉන් තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස