අද ලයිට් කැපෙන්නේ රාජපක්ෂලගේ සංවර්ධන කොල්ලය නිසයි..! දැන්වත් ආණ්ඩුවට එරෙහිව නැඟී සිටින්න..! – පාඨලී…

January 28, 2022 at 10:02 pm | by emanisa.lk

ජනතාවගෙන් තමන් ඉල්ලන්නේ තව දුරටත් මේ පාපය නොඉවසන ලෙසත් ඊට එරෙහිව නැගී සිටින ලෙසත් බව  සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

ඒ, අද (28) විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශේෂයෙන් අද වන විට රට බංකොලොත් වී ඇත්තේ 2010න් පසු සිදුකරන ලද ජාතික මංකොල්ලයක ප්‍රතිඵල හැටියට බව රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහා සංවර්ධනයකට මුවාවෙමින් අධිවේගී මාර්ග, විදුලි බලාගාර, ගුවන් තොටුපොළවල් ආදී ව්‍යාපෘති මඟින් දැවැන්ත ලෙස ඩොලර් මංකොල්ලයක් සිදුකර ඇති බවයි, මන්ත්‍රීවරයා පැවසුවේ.

”ඒ නිසයි අද ඔබේ දරුවන්ට කිරිපිටි නැත්තේ. රෝහලට ගිහාම ඖෂධ නැත්තේ. සිමෙන්ති ටික නැත්තේ. ගොවියට පොහොර ටික නැත්තේ. ඒ වගේම ජනතාවට සහල් ටික, ආහාර ටික ගෙනත් දීමට නොහැකි ලෙස ඩොලර් නැති වී ඇත්තේ, ලයිට් කැපෙන්නේ, තෙල් නැතිවෙන්නේ, ගෑස් නැතිවෙන්නේ මේ මහා ජාතික ඩොලර් මංකොල්ලය නිසා.

මේවා ගැන කතා කරපු වරදට, පෙන්වා දීපූ වරදට අපිව උසාවියට ගෙනියනවා නම් මේ වගේ අධිකරණයට මේ තැනත් අපි ජනතාවට භාර කරනවා.”

ලෝකයේ විවිධ තැන්වලින් දේපල, ජෙට්යානා මතුවෙන්නේ එදා ජනතාවගෙන් කොල්ල කාා ගන්නා ලද ධනයෙන් බව ද හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස