2014 යතුරු පැදි ලබා දුන් පිරිසට යළි යතුරු පැදි ලබා දෙනු…! – සංවර්ධන නිලධාරීන්ගේ සංගමය…

December 14, 2021 at 6:53 pm | by emanisa.lk

රජයේ නිලධාරීන්ට යතුරුපැදි ලබාදීමට අයවැයෙන් කළ යෝජනාව වහා ම ක්‍රියාත්මක කරන ලෙස සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එම සංගමය විසින් ලිපියක් ඔස්සේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.

යතුරුපැදි ලබාදීම සදහා අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 500 ඒ සඳහා ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස සහ සේවා අවශ්‍යතාව හා ඉල්ලුම් කරන සියලු රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදීම සුදුසු බවත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය එම ලිපියෙන් යෝජනා කරයි.

මීට පෙර 2014 වසරේ යතුරුපැදි ලබාගත් රාජ්‍ය සේවකයන් 146,381න් වසර පහ ඉක්ම වූ පිරිසට යළි යතුරුපැදි ලබාදීමට සහ 2015 සිට බඳවා ගෙන ඇති සංවර්ධන නිලධාරීන් 70,000ක පමණ ප්‍රමාණයට ද යතුරුපැදි හිමිකම් ඇති බවත් එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *