අද කාති උසාවි මුස්ලිම්වරුන්ටත් තිත්ත වෙලා….! එක රටක් එක නීතියක් නම් කාති උසාවි මැරිල යන්න දෙන්න…! – ප්‍රේමනාත් සී. දොලවත්ත…

January 22, 2021 at 10:08 pm | by emanisa.lk

අද වන විට කාති උසාවි මුස්ලිම් ජනතාවට ද එපා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

මේ වන විට කාති උසාවිවලට එරෙහිව වැඩි පුර ම කතා කරන්නේ මුස්ලිම් කාන්තාවන් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එක රටක් එක නීතියක් කියන තැනට රට ගමන් කරවීම අරමුණ නම් කාතිවරුන් පත්කිරීම නොකළ යුතු බව ඔහු අවධාරණය කරයි.

මේ වන විට පුරප්පාඩු වී ඇති කාති උසාවි සඳහා කාතිවරුන් පත්කිරීම ම එක රටක් එක නීතියක් සංකල්පයෙන් ඔබ්බට යාමක් බව දොලවත්ත වැඩි දුරටත් සඳහන් කරයි.

කාති උසාවිවල පුරප්පාඩු වී ඇති කාති තනතුරු සඳහා අධිකරණ සේවා කොමිසම අයඳුම්පත් කැඳවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස