අද ඇමැතිවරු 10ක් දිවුරති…! හරීන් මනූෂ ජීවන් සහ විජේදාසත් ඒ අතර…!

May 20, 2022 at 7:07 am | by emanisa.lk

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්  දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉදිරියේ අද (20 )දිවුරුම් දීමට නියමිතව ඇත.

ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් දසදෙනකු මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර  මෙසේ  දිවුරුම් දෙනු ඇතැයි දැන ගන්නට ඇත.

නිමල්  සිරිපාල ද සිල්වා සෞඛ්‍ය, මහින්ද අමරවීර කෘෂිකර්ම, සුසිල් ප්‍රේම ජයන්ත අධ්‍යාපන, විජයදාස රාජපක්ෂ අධිකරණ, ටිරාන් අලස් මහජන ආරක්ෂක යන ඇමැතිවරු ලෙස ද දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන අතර, සිවු දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.

ඉතිරි හත් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් පත්කරනු ඇතිි අතර  රාජ්‍ය ඇමතිවරුන්  තිස් දෙනකු පත් කිරීමට නියමිත බව ද දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස