ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව..: වාසු විමල් උදය නෙගටිව්…! ශ්‍රීලනිපය නැවතත් පොසිටිව්…!

March 19, 2022 at 12:11 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ඇමති වාසුදේව නානයක්කාර, හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල තීරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වුව ද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයෙන් නියෝජිතයින් දෙදෙනකු පමණක් සර්ව පක්ෂයේ සමුළුවට යැවීමට තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි සහ මහාචාර්ය තිස්ස විතාරණ ඊට සහභාගී වනු ඇතැයි දැනගන්නට ඇත.

එසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කර ඇත.

රටේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා පැවැත්වෙන අතර ,ඊට සහභාගි වන්නැයි ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇත.

ආණ්ඩුව සර්ව සර්වපාක්ෂික සමුළුවක් නමින් සාකච්ඡාවක් කැඳවා ඇත්තේ අවංක වුවමනාවකින් නොවන බැවින්, ඊට සහභාගී නොවීමට වාසුදේව නානයක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *