අද්භූත කැබිනට් පත්‍රිකාවෙන් සදාකාලිකව LNG ඒකාධිකාරය ඇමරිකාවට හදන්නේ…! ඇමැති කටුවක් වෙනුවෙන් තවත් ඉවසන්න අපි සූදානම් නෑ…! – විමල්….

October 29, 2021 at 10:00 pm | by emanisa.lk

අද්භූත කැබිනට් පත්‍රිකා මගින් රටේ තීරණාත්මක දේවල් සිදුවන තෙක් නිහඬව බලා සිටිය නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ කොළඹ දී “මහජන මන්ත්‍රණ සභාව” අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“බොරුවට අවුරුදු 5ක් කියන්න එපා. අනාගතයේ නොපෙනෙන ඉමක් දක්වා මේ රටේ ගෑස් සැපයුම භාර දෙන්නේ ඔය අමෙරිකානු සමාගමට. ඇමති මණ්ඩලය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් වුණේ නැති නිසා අපිට අයිතිය තියෙනවා මේ ගැන කතා කරන්න.

අපි උසාවියට ඇවිල්ලා කියනවා. කිසිම සාකච්ඡාවක් වුණේ නෑ. බොරු කියන්න එපා. හොරට ගෙනාවේ. තකකඩිකමින් ගෙනාවේ. ඒ වගේ ක්‍රම පිළිඅරගෙන ඉන්න අපිට බෑ. ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඔක්කොම පිළිඅරගෙන ඉන්නේ නෑ අපි.

අපේ ආණ්ඩුව වැරද්දක් කරන කොට අපි ඉන්න ඕනේ සද්ද නැතුව ද? අපිට ඕනේ ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව රැගෙන යන්න. ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්ත රිදෙන්න පහර දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දෙ දුන්නේ අද්භූත කැබිනට් පත්‍රිකාවකින් මේ වගේ තීරණාත්මක දේවල් සිද්ධවෙන්න ඉඩ දෙන්න නෙමෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස