අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හදිසි නීති රෙගුලාසි පනවයි….! සැඟ වූ සීනි සහ සියලු බඩු රජයේ සහතික මිලට ජනතාවට…!

August 30, 2021 at 11:12 pm | by emanisa.lk

වී, සහල්, කිරිපිටි සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත්කර ඇතැයි ජනාධිපති මධ්‍ය අංශය කියයි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 කොටසේ විධිවිධාන බලාත්මක කරමින් 5 වන වගන්තියේ විධිවිධානවලට ප්‍රකාරව අත්‍යාවශ්‍ය ආහාර සැපයිමට අදාල නීතිරෙගුලාසි අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාට ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව වී, සහල්, සීනි ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ සැඟවීම සහ වැඩි මිලට විකිණීමට එරෙහිව ඒවා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනිත මිල ගණන් යටතේ මිලට ගෙන සාධාරණ මිලට පාරිභෝගික ජනතාවට විකිණීමට බලය හිමි වෙයි.

මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එම්. ඩී.එස්. පී. නිවුන්හැල්ල පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *