වී තොග සැඟවූ ජාවාරම්කරුවන්ට වැඩ වරදී! සැඟවූ සියලු වී තොග රාජසන්තකයි!

October 18, 2020 at 11:00 am | by emanisa.lk

සඟවා තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා වී තොග රාජසන්තක කර වෙළෙඳපොළට මුදා හරින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික පනතින් ඒ සඳහා ප්‍රතිපාදන ලැබී ඇති බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි.

අතරමැදියන් විසින් සඟවා ගෙන ඇති වී තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක් ආරම්භ කර ඇත.

එම වැටලීම්වලට අනුව මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සඟවා තිබූ වී කිලෝ ලක්ෂ එකළොහක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස වී සඟවා ගෙන තිබූ පුද්ගලයන්ට වත්මන් රජයේ උතුරු මැද පළාතේ දේශපාලනඥයකු රැකවරණය ලබා දී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මහා පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ වී කිලෝග්‍රෑමයක මිල රුපියල් 63 දක්වා ඉහළ යෑම නිසා පාලන මිලට සහල් ලබා දිය නොහැකි බවයි. එම නිසා වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ ගොස් තිබේ. අතරමැදියන් වී ගබඩා කිරීම නතර කළ පසු සහල් මිල අඩු කළ හැකි බව මහා පරිමාණ වී මෝල් හිමියන් පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *