අත්වැරැද්දක් කියල ලිස්සල යන්න බෑ! විදුලි බිඳ දැමූ අයට දඬුවම් කළ යුතුයි! – පාඨලී

August 23, 2020 at 9:23 am | by emanisa.lk

දිවයින පුරා එකවරම විදුලිය බිඳවැටීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සහමුලින්ම බාරගත යුතුයැයි හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙක් වූ චම්පික රණවක පවසයි.

රජය මේ ගැන විධිමත්ව සොයා බලා වහාම වගකිවයුත්තන්ට දඬුවම් දිය යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය. මෙයට පෙර වාර ගණනාවක් මෙලෙසම විදුලිය බිඳවැටුණු අතර වසර 2016 දී සිදුවූ දීපව්‍යාප්ත විදුලිය බිඳවැටීම ගැන විමර්ශනයට පත්කළ කමිටුවේ තමන්ද සාමාජිකයකුව සිටි බව හිටපු අමාත්‍යවරයා කීය.

එමගින් ද විදුලිය බිඳවැටීමට වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් කරන ලෙස නිර්දේශ කළ නමුත් එය සිදු නොවූ බව ඔහු පෙන්වා දුන්නේය.

පුත්තලම නොරොච්චෝලේ බලාගාරය නතරවීම, සූර්ය බලශක්ති පද්ධතියේ විදුලිය සම්පාදනය නිසා සිදුවූ බවට ඉදිරිපත් කෙරෙන හේතු තමන් ප්‍රතික්ෂේප කරන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස