හිටපු ඇමති ප්‍රබලයෙක් අත්අඩංගුවට පත්වේ යැයි රෝහල්ගත වීමේ සැලසුමක්!

December 16, 2019 at 10:16 am | by emanisa.lk

ඉදිරි දින දෙක තුන ඇතුළත තමන් අත්අඩංගුවට ගනු ඇතැයි බියට පත්ව ඇති හිටපු ප්‍රබල ඇමතිවරයෙක් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීමට නිර්දේශ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසී ඊයේ (15) පස්වරුවේ ඉල්ලා ඇත.

නමුත් ඔහු පරීක්ෂා කර ඇති වෛද්‍යවරයා පවසා ඇත්තේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමට තරම් අසනීප තත්ත්වයක් හෝ ශාරීරික දුබලතාවක් නැති නිසා තමනට ඒ සඳහා නිර්දේශ කළ නොහැකි බවය.

අදාල හිටපු ඇමතිවරයා හා බැඳුණු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් ඇති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද කටයුතු කෙරෙමින් තිබේ.

මේ අතර ආරංචි මාර්ග වාර්ත කරන්නේ මෙම ප්‍රබලයා තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ද සූදානම්ව සිටින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස