හදිසි මහ මැතිවරණයක් සූදානම්! ජනපති ගෝඨා සමග රට කරවන්න අලුත් පාර්ලිමේන්තුවක් පත්කරන්න ඉඩක්!

November 18, 2019 at 8:29 am | by emanisa.lk

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (17 ) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

මෙම අවස්ථාවට එක්ව සිටි ඇතැම් ඇමැතිවරු මෙම සාකච්ඡාවට සහභාගි වීමෙන් වැළකී සිටියහ.

කථානායකවරයා සමග කඩිනමින් සාකච්ඡාවක් පවත්වා මහ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාව පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්පසු එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂට සුබ පැතුම් එක්කරමින් අග්‍රාමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර එම ලිපියේ ද මේ පිළිබඳ සඳහන් වෙයි.

“අලුතින් පත්වූ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපගේ සුබ ප්‍රාර්ථනා පිරිනමමු. ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපි, මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ කථානායකතුමන් සහ පක්ෂ නායකයන් සමගද ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගද සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වන්නෙමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස