සෞඛ්‍ය ඇමති රටට බාල ඖෂධ ගෙන්වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට කියනවා! – GMOA

June 18, 2019 at 2:12 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයකින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරිමට ද කටයුතු කරන බව ද එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

රටට ලැබුණ තනතුර දේශපාලන වාසි ලබා ගැනීම සඳහා වැරදි ලෙස පාවිච්චි කරන බවත් බාල තත්ත්වයේ ඖෂධ ගෙන්වා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන පැමිණිල්ලට ඇතුළත් කරන බව වෛද්‍යවයා එහිදි වැඩිදුරටත් ප්‍රකශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස