සෝදිසි කිරීමට තැත් කළැයි සිවිල් ආරක්ෂකයාට පහර දුන් සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට!

June 23, 2019 at 8:19 pm | by emanisa.lk

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරියේ නිරත වූ සිවිල් ආරක්ෂක භටයකු විසින් එහි පැමිණි ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයකු සෝදිසි කිරීමට තැත් කළේ යැයි මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආධාරකරුවකු විසින් එම ආරක්ෂකයාට පහර දී තිබේ. පහරකෑමට ලක් වූ ආරක්ෂක භටයා පුත්තලම මූලික රෝහලට ඇතුළු කර ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආධාරකරු අත්අඩංගුවට ගෙන තිබේ.

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණෙන පිරිස් පරික්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් දියත් කර තිබුණු අතර ඒ සඳහා අනුයුක්ත කර සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු ප්‍රධාන දොරටුවෙන් කාර්යාලයට පිවිසි අදාළ මන්ත්‍රීවරයා සෝදිසි කිරීමට යාමේදී ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් උරණු මන්ත්‍රිවරයා සහ ආධාරකරුවා ආරක්ෂකයාට දැඩි ලෙස පහරදී තිබේ. අදාළ සිවිල් ආරක්ෂක භටයා වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස