රිදීගම පොලිසිය වැඳ වැටෙන තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි! (video)

March 14, 2019 at 12:48 pm | by admin

රිදිගම ප්‍රදේශයේ පොලිසියට අනියුක්ත සිවිල් ඇඳුමින් සිටින නිළධාරින් පිරිසක් විසින් තරුණයෙකු අත් අඩංගුවට ගැනිමට සිදුකරන පහර දීමක් සහිත වීඩියෝවක් මුහුණුපොතේ සංසරණය වෙයි. මෙම තරුණයා දිගින් දිගටම තමා අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොමැති බව ප්‍රකාශ කරමින් අත්අඩංගුවට නොගන්නා අය ආයාචනා කරයි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොපවසන පොලිසිය ඔහුට පහර දී දෑත්වලට මාංචු දැමීමට උත්සාහ කරයි. අනතුරුව අසල සිටි තවත් තරුණයකුට ද පහර දෙයි.

පොලිසියට මේ ආකාරයට කිසිවකුට පහර දිය නොහැකි අතර අත්අඩංගුවට ගන්නේ නම් ඊට හේතුවක් පැවසිය යුතුය. අනෙක් අතට මෑත කාලයේ පොලිසිය රත්ගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහර දී මරා පුළුස්සා දැමීම සමග ජනතාව තුළ මෙවැනි භීතියක් විරෝධයක් මතු වීම සාධාරණය. ඔහු අපරාධකරුවකු වුවද අත්අඩංගුවට ගැනීමේ දී මීට වඩා නීතිගරුක වීම වැදගත්ය. පොලිසිය පවසා ඇත්තේ නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය කිරීමේ වරදට මොහු පොලිසියට අවශ්‍යව සිටි අයකු බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *