සිව් නිවුන් දරුවන්ට ජනපති අරමුදලින් ශක්තියක්! දරුවකුට ලක්ෂ 5 බැගින් ලබා දෙයි!

April 10, 2019 at 3:12 pm | by admin

ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානිට කුළුදුලේම නිවුන් දරුවන් සිවි දෙනෙකු ම ලැබිණි. බිළිඳු දියණියන් දෙදෙනෙකුගේ ද, පුතුන් දෙදෙනෙකුගේ ද රැකවරණය, පෝෂණය මෙන් ම සනීපාරක්ෂාව සැලසීම මේ තරුණ මවට අභියෝගයක් වූවාට සැකයක් නැත.

දෙමව්පියන්ගේ ද උදව් උපකාර ලබා ගනිමින් දරුවන් රැක බලා ගත්ත ද, රජයේ සේවකයන් වූ මේ නිවුන් දරුවන්ගේ මව් පිය දෙපළට පමණක් දරුවන් ලෙකු මහත් කර ගැනීමේ වැය බර දරනු නොහැකි විය.

“ජනපතිට කියන්න” වැඩසටහන වෙත තමා මුහුණු දී සිටින අභියෝගය පවසා ජනාධිපතිවරයා වෙතින් උපකාරයක් ඉල්ලා සිටියේ එහෙයිනි.

මෙම සුවිශේෂ ඉල්ලීම සලකා බැලූ ජනාධිපතිවරයා දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් එක් දරුවෙකු වෙත රුපියල් ලක්ෂ 05 බැගින් රුපියල් මිලියන 02ක ජනාධිපති අරමුදලින් ලබාදීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස